ශිෂ්ටාචාරයේ ගීතය - ලංකාවේ ප්‍රථම ත්‍රි-ප්‍රකාර ගීත 3!
Sangeethaya.lk
ශිෂ්ටාචාරයේ ගීතය - ලංකාවේ ප්‍රථම ත්‍රි-ප්‍රකාර ගීත 3!


ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වුනු ත්‍රි-ප්‍රකාර ගීත ත්‍රිත්වය එක් පද වැලකින්, රස 3ක ගී 3ක් !!
වෙනස අත් විඳින්න අහලම බලන්න ඕනේ!! ශිෂ්ඨාචාරයේ ගීතය 1, 2 & 3 - හිමකුලු මැද හිමාලයේ.....
ගායනය - විශාරද සංජීව ලියනගේ....
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව සහ සංගීතය - විශාරද සංජීව ලියනගේ...
නාද සංකලනය - හේමලාල් ගීතදේව ....
යුග ගායනය - ශශිකලා සමරසිංහ
ශිෂ්ටාචාරයේ ගීතය - (හිමකුලු මැද හිමාලයේ)

Chorus:            හිමකුලු මැද හිමාලයේ

දේවදාර තුරු වියන් ගැබේ

හෙමින් ගලා බහින්න යමුනා

හෝපළු හෙවනේ ඇති රාධා

Verse 1:           සිය දහසක් උල්පත්වල

උනනා කරුණා සීතල

මලය සමීරේ ළඟ නොතියා

මානව පිය සටහන් වල

තවරා යුගයෙන් යුගයට

හෙමින් ගලා බහින්න යමුනා

හෝපළු හෙවනේ ඇති රාධා

Verse 2:           අඬා දිය බසින මාවිලි

ගඟානෝ ඉතින් නාඬන්

සමන්ගිරි පහන් ටැඹ

සූරිය මල පිපිලා

මහ කරුණා වැහි වැහැලා

නිල් මල් බිසවු නාන

දිය කෙළිනා ගං තෙර

පා සටහන් ඇති පිරිලා

හෙට දවසට මඟ කියලා

 

හිමකුළු මැද හිමාලයේ ගීතය නිර්මාණය වූ අනුවේදනීය අපූරු කථාව:

සංගීත චිකිත්සාව කාලයක සිට මිනිසාගේ හිත සහ ගත සුවපත් කිරීම සඳහා මිනිසුන්ගේ ඥානාත්මක දියුණුව සඳහාද, චාලක ඉන්ද්රීයය හා භාවාත්මක සංවර්ධනය සඳහාද, සමාජීය කුසලතාවන් දියුණු කිරීම සඳහාද, මානසික ආතතිය හා ආබාධයන් සුවපත් කිරීමටද යොදා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංගීත චිකිත්සාව (Music Therapy) පිළිබඳ අසන්නාට දැනෙන සිංහල සංගීත රසය පිළිබඳ පරීක්ෂණ කර ඉන්දියාවේ ද රාග චිකිත්සාව අධ්‍යනය කර සංගීතයමය රසයෙන් මිනිසාගේ හිත ගත සුවපත් කිරීම සඳහා කෙරෙන නිර්මාණයකි මෙම ගීතය. සංගීතය අපේ රටේ යොදා ගන්නේ හුදෙක් ක්ෂණයකින් ඇසෙන රසයක් විඳීමට සහ ඇස කණ පිනවීමට පමණි. සංගීතයෙන් ලැබෙන අපමණ ගුණ සහ නොයෙකුත් ලෙඩ රෝගයන් සමනය කිරීමේ ශක්තිය සඳහා සංගීත චිකිත්සාව යොදා නොගනී.

විශාරද සංජීව ලියනගේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේශ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය ශිරෝමි අරුණතිලක ඇතුලු ඉසුරු ධර්මදාස, අනුශ්ක ඉසුරු සහ දිලිනි සමරසිංහ යන පර්යේෂකයන් එකතුව මෙම සංගීත චිකිත්සාව සිංහල සංගීතය යොදාගනිමින් සිත සුව කිරීමේ භාරදූර පර්යේෂනයට අඩිතාලම දමා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එකම පද රචනයකින් රසයන් තුනක් ලබා දීමට නිර්මාණය වන ගීත තුන ලෙස මෙම ත්‍රිගුණ ගීත තුන නම් කල හැක. එහි පළමුවන එළිදැක්වීම ලෙස හිමකුළු මැද හිමාලයේ ගීතය නිර්මාණය වේ. එහි පද රචනය ප්‍රවීන පද රචක රත්න ශ්‍රී විජේසිංහයන් විසින්ද තනුව සහ ගායනය විශාරද සංජීව ලියනගේ විසින්ද, සංගීත නිර්මාණය විශාරද සංජීව ලියනගේ විසින්ද, නාද සංකලනය ප්‍රවීන ගීත අධ්‍යක්ෂක හේමලාල් ගීතදේව විසින් ද කර ඇත.

 

රත්න ශ්‍රී විජේසිංහයන් එම ගීතය ශිෂ්ටාචාරයේ ගීතය ලෙස නම් කර ඇත.  ලොව පසිඳු පෙම් වත් අතරින් සියල්ලටම වඩා, පූජනීයත්වයට පත් පෙම් වත නම් රාධා ක්රිශ්ණා පෙම්වත අනුසාරයෙන් මෙම ගීතය ලියැවේ. යුගයෙන් යුගයට ගලා යන එවැනිම සදාකාලික බැඳීම් වලට කරනා ගෞරවයක් ලෙසද ලංකාවට උරුම වූ මහවැලි ගඟ සහ සමන්ගිර වැනි අපේ අභිමානවත් උරුමයන් අතර හෙට දවසේත් රාධා ක්‍රිශ්ණාලා තවත් පා සටහන් තබමින් යුගයෙන් යුගයට පිය නඟනු ඇත.. “රාධා ජීවත් වන්නේ මා වෙනුවෙන් මෙන්ම මා තුලය. මා ජීවත් වන්නේ රාධා වෙනුවෙන් මෙන්ම තුලය”  - යන ක්රිශ්ණාගේ වදන් අප හද තුල නොමැකෙන ආදර සටහන් මානව වර්ගයා පිළිබඳ ඇති කරයි. ආදරයේ සංකේතය ලෙස රාධා හා ක්රිශ්නා ගේ ආදරය නම් කර ඇති අතර.. එය කෙනෙක්ට ආදරය වෙනුවෙන් කල හැකි උපරිම පරිත්‍යාගය වේ.. කිසිදා හිමි නොවන.. සමාජ සම්මතයේ කිසිදා පිළි නොගන්නා... කිසිදා සමාජය ඉදිරියේ ප්රකාෂ නොකල හැකි.. එහෙත් සදාකාලිකව එකිනෙකාට හිමි ආදරයක් හිතේ දරාගන දෙදෙනා ජීවත් වූ බව ප්රකාෂ වේ.

තනුව දැමීමේදී, විශාරද සංජීව ලියනගේ විසින් අසන්නාගේ හිතෙහි විරහ වේදනාව, දුක සහ සන්තාපය හදවතට දැනීම සඳහා ඉන්දියාවේ ප්රචලිත රාග අතරින් භහිරව රාගය හා භෛරවී රාගය ආශ්රිත ස්වර සංකලනයක් යොදාගන ඇත. ඉන්දියාවේ රාග යොදාගන විවිධ ලෙඩ රෝග සුව කර ගැනීමේ ප්රවණතාවයක් අතීතයේ සිටම පැවති බව සනාථ වේ. බාගේශ්රී රාගයට රෑට සවන් දීමෙන් අනිද්රාව සුව වන බවත්, භීම් පලාස් රාගයට දහවල සවන් දීමෙන් අධිආතතිය හා සාංකාව සුව වන බවත්, යෙමන් රාගයට සවස් වරුවේ සවන් දීමෙන් වාත රක්තය හා සන්ධි ඉදිමුම සුව කරන බවත්, මාල්කෞන්ස් රාගයට ආමාශය හා සම්බන්ධ රෝගයන් සුව කිරීමේ අධිස්වාභාවික ශක්තියක් ඇති බවත් එලෙසටම එක් එක් රෝගයන් සඳහා වෙනත් රාග අතීතයේ යොදාගන ඇති බවටද සාක්ෂි ඇත. එම රාගයන්ට අනුව 'රි' සහ '' යන ස්වර කෝමල වීමෙන් සහ විටෙක ශුද්ධ වීමෙන් විරහ වේදනාව සහ දුක තීව් ලෙස දනවා ඇත.

සංගීතය යොදා ගැනීමේදී වේදනාව සහ දුක දැනීම සඳහා වයලින් වාදනය හඬ මැනවින් යොදාගන ඇත. ක්රිශ්නාගේ හිත තුල ඇති ශෘංගාරාත්මක කැළඹීම මැනැවින් නිරූපනය කිරීමට අන්තර් සංගීත කොටස් වල හඬ කැළඹිලි සහිතවද ඉන් අනතුරුව ගතින් නොව සිතින් පමණක් රාධාට ආදරය කිරීමට ගන්නා තීරණයත් සමඟ මනා සංයමයකින් යුතුව යමුනා ගඟ ගලා යන ආකාරයටද නිර්මාණය වී ඇත. සංගීතය රස විඳින්නන්ට සහ සංගීතයේ ගැඹුර දන්නා හදවත් ඇති මිනිසුන්ට මෙම ගීතයේ ගැඹුර මනාව දැනෙනු නොඅනුමානය.

සංගීත චිකිත්සාව වෙනුවෙන් සමාජයට පිදෙන මෙම කලාත්මක නිර්මාණය ආචාර් ශිරෝමි අරුණතිලක සහ විශාරද සංජීව ලියනගේ ගේ පර්යේෂණයකට සහ අදහසකට අනුව නිර්මාණය වූවකි.

 

~~~~~~~~~~~~~


Posted Time: 11/12/16 11:47:08 AM
News Views:580