ගැහෙන හදවත 4 - තනිකඩයා
Sangeethaya.lk
ගැහෙන හදවත 4 - තනිකඩයා


දෑස් නිලන්කාර වෙනවා විතරයි මට මතක..... ඊට පස්සෙ ඇහැරෙනකොට මා හිටියෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙ ඇඳක.... කිලිට් වුන ඇඳ ඇතිරිල්ලක් උඩ... මට යාන්තමට මතකයි...ගුරු පාර දිගේ ඇවිදගෙන එනකොට වාහනයක් ඉතාමත් වේගයෙන් මා ඉදිරියට එනවා.. ඒත් එක්කම පැත්තකින් ආපු ලොරියක් නිසා... මාව තාප්පෙකට හේත්තු උනා ... නර්ස් නෝනා ලඟට එනකල් ඉඳලා ඇහුවා.. මට මොකද උනේ කියලා... "හරියට පාරෙ යන්නත් මේ මිනිස්සුන්ට අලුතින් උගන්නන්න වෙලා"... කියලා බෙරිහන් දුන්නා.
මගෙ එහා පැත්තෙ අඳේ ඉන්නෙ මට වඩා අවුරුදු 10ක් විතර බාල ලෙඩෙක්. ඩෙන්ගු නිසා සහලෝලා උන කියලා හිසේ ඉඳලා පොරොවාගෙන ඉන්නවා... අනික් පැත්තෙ දොර ලඟම ඉන්නෙ වයස 90ක් විතර වුන මහල්ලෙක්. වට පිට බලලා ඉවර වෙලා.. මගෙ දකුණු අතේ එන කැක්කුම ඉවසාගන්න බැරුව බලපුවාම දැක්කෙ.. දකුණු අතේ තද ප්ලාස්ටර් එකක් දාලා ඔතලා කියලා.. "අතේ ඇට කැඩිලාලු නේද?" කියලා එහා පැත්තෙ ලෙඩා අහනකොටයි මම දැනගත්තෙ මගෙ අත ගැන කියන්නෙ කියලා.... මගෙ හිත කීරි ගැහිලා ගියා..
ගෙදර යන්න පුලුවන් සුමාන දෙකකින් විතර තුවාලෙ හොඳ උනාම.. ගිහින් මාසෙකින් එන්න තුවාලෙ ඇරලා බලන්න ඔනෙනෙ. ලොකු දොස්තර මහත්තයා හවස ඕනෙවට එපාවට වගේ බලලා කියාගෙන ගියා.. මම කොට්ටෙට ඔලුව තියාගන සුදු වී ගෙන ඇවිල්ලා තියෙන රැවුල් ගස් අතගාමින් කල්පනා කරා.. ගෙදර ගිහිල්ලා කොහොමද තනියම වැඩ කරගන්නෙ කියලා..
දහවල්.. අනික් ලෙඩ්ඩුන් බලන්න නොඉවසිල්ලෙන් එන නෑදෑයො වාට්ටුව පුරාම පිරිලා... ලෙඩ්ඩුන්ටත් අලුත් පණක් ඇවිල්ලා වගේ... මම කිලිටි කොට්ටයට ඔලුව තියාගන ඇස් දෙක පියා ගත්තා... මහලු ලෙඩාගෙ දුවයි බෑනයි ඇවිල්ලා... බත් එකක් ගෙදරින්ම ගෙනාවෙ තාත්තට උනුවෙන් කන්න කියලා... අනලා කවනවා... මම ආසාවෙන් බලාගෙන හිටියා.. මටත් දරුවො හිටියානම් .. ඒ වයසෙ දරුවො ඉන්න තිබ්බා... ඒත්...... නොදැනීම උනු කඳුලක් කොට්ටය උනුහුම් කරනවා මට යාන්තමට දැනුනා.. මටත් දරුවන් ඉන්න තිබ්බා.... ලොකූ හුස්මක් පිට උනා... කාන්තාරයක් හරහා හමා යන වියළි සුලඟක් වගේ... https://www.youtube.com/watch?v=jxlkNGQAqp0 .... තාත්තා.....දිවියම වාගේ... මේ මනු ලෝකේ... දෙවියොත් මගෙ ආදර තාත්තා... බිම වැටිලා වඳිනෙමි මා .. මගෙ බුදු  තාත්තා...

අනික් පැත්තෙ ලෙඩාගෙ බිරිඳ ඇවිල්ලා අද.. තළෙලලු පිරිපුන් ගැහණියක්... අමාරුවෙන් කෑම ටිකක් කවන්න හදනවා ලෙඩාට. මම අහක බලා ගත්තා.. තරුණ වයසෙ ඉන්න දෙන්නට නිදහසේ ඉන්න දීලා..
ලෙඩ්ඩු බලන්න ආපු අය ගියාට පස්සෙ... "අන්කල් බලන්න කවුරුවත් එන්නෙ නැත්තෙ.. මේ පැත්තෙ කෙනෙක් නෙවේද?" කියලා සරත් කතාවට යොමු උනා.. මම තනිකඩයෙක්... කියලා.. මම ආයාසයෙන් හිනා වෙන්න උත්සාහා කලා.. ආහ්. ඒක තමයි.  https://www.youtube.com/watch?v=FW9zFBMYa7o
මා මේ පලාතෙ පාසලට මාරුවක් අරන් ආවෙ දුශ්කර පලාතක නිවි සැනසිල්ලෙ ඉන්න. දැන් අළුත් පාර හදන හින්දා ඒ සැනසිල්ල නැති වේ ගෙන යන්නෙ.. වාහන හැම වෙලේම සද්දෙන් යනවා ගම මැද්දෙන්.
අතේ තුවාලෙ ඔඩු දුවලා කියලා දොස්තර මහත්තයා කිවුවා මට උණ වැඩි වෙලා කියලා.. මට හිසේ බර නිසා ඇස් ඇරගෙන ඉන්නත් අමාරුයි. රෝහලෙන් දෙන දියාරු හොද්දයි බතුයි කන්න හිතෙන්නේම නෑ. සරත් හැම වෙලේම කතා කරන්න හදන නිසා මම නිදි වගේ ඉන්නවා.. මට කරදරයක් මේක. ඌ මට අන්කල් කිවුවට උඹට වඩා මට එච්චර වයසක් නෑ කියලා කියන්නවත් මට උවමනාවක් නෑ. සරත් ගෙ බිරිඳ සුමානෙකට සැරයක් නුවර ඉඳලා ඇවිල්ලා බලලා යන්නෙ. මට මේ ඉස්පිරිතාලෙ ඉන්න එක දැන් එපා වෙලා... අනික් ලෙඩ්ඩු වගේ...දවල් දොර දිහා බලාගෙන ඉන්නවා මමත්...පුරුද්දට වගේ.. අවුරුදු 55ක් උන මගෙ හිස් ලෝකයට එන්න කෙනෙක් නැති බව දැන දැනත් දොර දිහා බලන්නෙ ..... අනික් මිනිස්සුන්ගෙ ජීවිත අතරේ මගෙ අසරණකම වහගන්න වගේ.
සරත් ගෙ බිරිඳ අදත් ඇවිල්ලා... මට පිටුපාලා හිටගෙන සරත්ට බත් කවන මේ හුරුබුහුටි කාන්තාව දිහා ආයෙත් බැලුනෙ.... මා දුටු දර්ශ්නයක් නිසා මගෙ හිත තිගැස්සිලා.. සාරියයි හැට්ටේයි අතරින් පෙනෙන බඳ ලඟ ඇති උපන්ලපය!! මට අදහාගන්නත් බැරි තරම්.. මේ ඇයමද දෙවියනේ? අවුරුදු 15 කට පෙර මා දුටු ඒ සරලාමද මේ? ඒ දවස්වල සුදුවට කෙට්ටුවට කරල් දෙකට කොණ්ඩය ගොතා පාසලට ආ සරලාමද මේ? මම උගන්නන පන්තියේ පන්තියේ පළමු පේළියේ හිඳ මා කියන හැම වචනයක්ම අවධාරනයෙන් අහගෙන හිටි සරලාමද මේ. මට වඩා අවුරුදු විසි ගානනක් බාල ... මා හා ආදරයෙන් සිනා සුනු සරලාමද මේ.
මා ගුරු කාමරයේ සිට බලා සිටි සරලාමද මේ. පාසල හැරී ගෙදර යන්න යන විට ඒ පාරෙන්ම මා ඇය පසුපස ගමන් කල හැටි. මට ඒ දවස්වල වයස 40ක් බවත්.. ඇයට වයස17ක් බවත් මට අමතක වුන හැටි. ජීවිතේ පලවෙනි වතාවට හිතට ආදරයක් ගෙනා සරලා...
මගේ පුන්ච් රෝස මලේ.. මමයි නුඹේ වියපත් බඹරා.... https://www.youtube.com/watch?v=kcTt1U5YrJs

ඇයගේ මූන බලන්න ඇති ආසාව කවදාටත් වඩා වැඩියෙන් මට දැනෙන්නට වුනා. මට එක සැරයක් මූන බලාගන්න පුලුවන් නම්. මා අමාරුවෙන් ඇඳ උඩ ඉඳගත්තා. මට වතුර ටිකක් දෙන්න පුලුවන්ද කරුණාකරලා... මම අමාරුවෙන් වචන ගොනු කරගත්තා. ....... හෙමීට වතුර වීදුරුවක් ගත්ත ඈ මගේ පැත්තට හැරුණා.. මගේ ඇස් වල කඳුලු පිරීලා මට ඒ ලස්සන පෙම්බර මූණ පෙනෙන්නෙත් නැති තරම්. ඇය මගේ අතට වීදුරුව දෙනවිට ඇගේ ඇඟිලි තුඩු මගේ රළු ඇඟිලි වල යාන්තමට ගෑවුනා. සරලා.... ඇගේ විඩාපත් මුහුණ ඇයව තවත් හැඩ කරලා.. https://www.youtube.com/watch?v=ob_YWOjGy34 .... ඔයා දිහා බලන් හිටියෙ ඇස් පිය නොහෙලා මෙතෙක් වෙලා... ලඟින් හිතියෙ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා....

මම ඈත පළාතකට වී ගෙව්න මේ පාලු තනිකඩ ජීවිතයට තවමත් ජීවය දෙනුයේ මේ ගැහැණියම නෙවේද? අමතක කල නොහැකි සෙනෙහසක් හිතේ සදහටම තියාගන... තනිකඩව දිවිගෙවන මාව අඳුර ගන්නවත් සරලාට බෑ වගේ..... සිහින් කඳුලු බින්දු මගේ වියපත් කම්මුල් දිගේ ගලන්න ඉඩ දීලා මම ඇස් දෙක පියා ගත්තා... කවදාවත් නොලැබෙන සෙනෙහසක් ..... ලැබුනත්.. නොලැබුනාමත්.. නොවෙනස් හදවතක්....... https://www.youtube.com/watch?v=CxNxv0439oc ... අදටත්.. මියෙන දාටත්.. එක ලෙස උණුහුමක්.......
                                                                                                                                                         ගැහෙන හදවතට කතාව ලිව්වේ අහිංසා!!





Posted Time: 03/07/15 01:56:00 AM
News Views:9737