සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 6 - පෙනෙන නොපෙනන !!!
Sangeethaya.lk
සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 6 - පෙනෙන නොපෙනන !!!


මායියා දුන්නු කහට  කෝප්පෙත් අරං ඉදගත්තා පෙනෙන නොපෙනන දුරක ඉදන් ටීවී එකේ සිංදුවක් බලන්ඩ... නෑනේ නොවැ අහන්ඩ දැන්කාලේ බලනවා මිසක සිංදුවක් උනත්.... ගිනි ගන්න කවුළුවක් මැද්දෙන් මේන් බෙරිහන්දෙනවා “ආදරෙන් නිකං පිස්සුවක් වගේ”කියාලා... “පි”යන්න බර කරලා කිව්ව තාලෙට මුළු ඇඟම හිරිවට්ටලා ගියා සත්තයි.... පොඩ්ඩ පොඩ්ඩ් ගින්න නිවෙද්දී කොල්ලෙක් ඉන්නවා මං දිහා බලං... ඊළඟ දර්සනේ බලන්නම බෑ... ගායක තැන කොයි වෙලේ ගින්නට අහුවෙයිද මන්ද...අම්මාපල්ල දැන්නං මට කේන්තියි... ගෙදර බඩු මුට්ටු ලට්ට පට්ට ගිනිගනිද්දී මේං වයලීන් ගහනවා... රෝමේ ගිනිගනිද්දී නීරෝත් වීණා ගැහුවලුනේ.... ඉතිහාසේ මතක් කොරල හිත සැහැල්ලු කරගත්තා.. ඕන් දැන් ආදර හුට පට.... අලංකාරෙට පුටුවේ ඉඩ තියෙද්දී ජෝඩුව ඉඳගත්තේ නැතැයි බිම... උණු උණුවෙම කහට බොන්න වෙන්ටැති ලෑස්තිය.. මමත් විගහට මගේ කෝප්පේ කටේ හලා ගත්තා... මොන හිතකින් අර සීදේවි දැරිවිගේ අත පිච්චුවද... ආලෙන් වෙලිලා අර දැරිවි ප්රේ මවන්තයගේ වටේට ඇවිදිනවා... අම්මපා ඒකට මගේ මායියා...නිකමට යනවද මගේ වටේ.. පහුගිය දවසක පොල්ලෙලි ගහන්න අමතක වෙලා පොල් උලත් අරන් ගේ වටේ පැන්නුවා නං මතකයි... අපේ අප්පෝ ... මේන් දැරිවි ගිනිගන්නවා... දුකේ බෑ.... කොල්ලා බිමට වැටුණා... මේන් ගින්නක් පත්තු උනා....නොපෙනන බලවේගයක් හෙමද දන්නේ නෑ... “මේ ඇහුනද..” මම මායියට කතා කෙරුවා... “ඔය අගුරු ටික නිවහන්.. හයියෙන් ඉදගන්නේ එහෙම නෑ බංකු කෑල්ලේ... කුස්සියත් ගිනි ගනී...” බලද්දී මේ ඔක්කොම හීනයක් නොවැ... ඔන්න අන්තිමට කියාපි “ඔයත් මේ අහස වගේලු...”.. ආදරේ කොරනකන් ඔහොම තමා... කසාදයක් කොරල දරුවෝ හත අටක් හැදුවට පස්සේ.. අහස නෙමයි.. අහසින් පාත් වෙන හෙනයක් වගේ වෙයිද දන්නේනෑ.... මේකේ අගට දැම්මනං කියලා ආදර්ස පාඨයක් හිතුවා... මේ සරිග මාස්ටර්ගේ හිතට ආවා මරුම අදහස... “ආදරය..වහා ගිනි ඇවිලෙන සුළුයි....ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ පණිවිඩයක්...”


Posted Time: 27/02/15 05:18:41 AM
News Views:1478