සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 4 - හිනි පෙත්තටම !!!
Sangeethaya.lk
සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 4 - හිනි පෙත්තටම !!!


පොඩි එකාව ඉරිදා පාසැලට එක්ක යන්ට ඌවත් බයිසිකලේ දාගෙන රූං ගාලාපැදගෙන යනවා මං ගුරු පාර දිගේ. වෙල් යායෙන් එන සුලඟ වැදි වැදී යනකොටඈතින් කුඩයක් ඉහලගෙන යන රූපයක් දැකලා මගෙ හිත හෝස් ගාලා පත්තු උනා.කොන්ඩෙ සුදු වෙලා, ජාතික ඇඳුම කිරී පාටට ඇඳලා කුඩය යටින් හෙමිං හෙමිංඅවිදගෙන යන්නේ මගේ සිංහල ගුරුතුමා. බයිසිකලේ එතුමා පිටුපස නතර කරලා මංපොඩි එකාත් එක්කම බැස්සා. මගේ ගුරුතුමා පයින් යනකොට මං කොහොමදදෙවියනේ බයිසිකලෙන් රූං ගාලා යන්නේ? මට ලස්සන සින්දුවක් මතක් උනා. "ඇපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ....". කොලුවයි මායි නැවීලා වැන්දාගුරුතුමාට.
කොලුවව දාලා ආවාට පස්සෙ, ටීවී එකේ අපෙ ගුරුතුමා වගේ ගුරුවරයෙක් ගෙකටහඬ හා රුව පෙනිලා බලන්ට පතන් ගත්තා. මගෙ අප්පොච්චියේ!! මේකොල්ලොද කොලු තාත්තලද? මුංගෙ හැසිරීම දැකලා මට දෙලෝ රත් උනා.හිනිපෙත්තටම යන්නේ ගුරු ගවුර්වය බල්ලට දාලද? දෙවියනේ! ගොඩාක් දක්ෂකොලුවො දෙන්නෙක් කොච්චර ලස්සනට සින්දු කිවුවද මේ දෙන්නා ඒ කාලේ. එකපාරටම මොකද උනේ විෂුවල් එකට?
ගුරුතුමා ඉදිරියේ ගවුං කොටවල් ඇඳගන පිස්සො වගේ නටන කෙල්ලොයිකොල්ලොයි, පන්තියේ කරනම් ගහන, බෝල ගහන, ගිටාර් ගහන, කොන්ඩාවනාගෙන දිව දික් කොරන මේ වගේ ළමයි අපේ මේ සිරි ලංකාදීපේ ඉන්නවද? මේනම් ජාත්යන්තර පාසැලක වෙන්න ඇති. ආ! ඔවු. අර සුද්දෙක් නොවැ බෑන්ඩ් එකේලීඩර්! සුදු ගවුං සුදු කලිසං වලටත් නින්දාවක් නොවැ මේ නාඩගං. මට ලොකූකණගාටුවක් ඇති උනා සිතට.
ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති සිත උපදවා
අකුරු උගනී කුමරු සොඳවා...
කියලා කියපු අපි කොහොමද මෙච්චර දරුණු විදිහට ගුරුවරුන්ට් ගරහන්නේ?
සිංදුව නම් ලස්සනේ බෑ. හොඳට නටන්ට නං පුලුවන්. ඒ වුනාට පාසැල ඇතුලේ මේනටන විගඩං හින්දා තමයි හිතට අවුල්. ඉස්කෝලේ බෑග් බර වැඩී පොඩි උන්ගේකොන්ද කැඩෙයි කියලා කිවුවාට, මේ කොල්ලො නම් බෑග් කරේ දාගෙනම කරනංගහනවා. දැං කාලෙ කොල්ලොන්ගේ මොලේ වගේම වෙන්ටැති බෑග් එකත්! හිස්මහිස්! නැත්තං උදේ බුදුන්ට වගේම වැඳලා පාඩං කොරපු පොත් තියෙන බෑග් විසි කරකර කරනං ගහයිද දෙවියනේ මේ කොල්ලො? එහෙමත් නැත්තං Z ස්කොර්ප්‍රශ්ණෙට පිස්සු වැටුන දරු දැරියොද දන්නේ නැහැ මෙහෙම හැසිරෙන්නේ...
ගුරුතුමාගේ මුහුණ බලලා දෙපා වැඳලා සමාව ගන්නම හිතෙනවා මට නං. කලුලෑල්ලේ ස රි ග ම ලියපු ගුරුවරයාට කොහොමද දෙවියනේ සින්දුවෙන්ම ගහලාමරන්නේ? නව රැල්ලේ තරු මෙහෙම ගුරුවරුන්ට කෙරුවොත් සරිග මාස්ටර්ට නම් පපුවෙ අමාරුව හැදෙයි. ගාමිණී, මාලිනී, ගීතා, ජෝ, විජය, රුක්මණී හෙම මේවාදක්කොත් පපුව පැලෙයි.
ආආආආආආආආහ්!! දෙයි හාමුදුවනේ! මට වැරදුන තරමක්!! මේ ඉස්කෝලයක්නෙවෙයි  නොවැ!! පිස්සං කොටුව වෙන්ටැති! එහෙම හිතුවාම නං මටත් සින්දුව කියකියා නටංට පුලුවං... මදැයි! තව ඩිංගෙන් හොඳ බැනුමක් අහනවා විෂුවල් ඩිරෙක්ටර්ගෙන්.
දැං නං කිසි දුකක් නැතුව නට නටා බලන්ට පුලුවං. පිස්සො ඇරෙන්ට මේ වගේකොන්ඩා විසිරුවාගෙන දෙකට කපාපු පණුවො වගේ නටයියැ පාසැල් දරු දැරියෝ!අප්පෝ! පිස්සං කොටුවෙ අධ්යක්ෂක තුමාත් ඔය එන්නේ. දැං ගුටි කයි හැමෝම!පවු! හත් දෙයියනේ අධ්යක්ෂක තුමාටත් පිස්සු හැදිලා නොවැ. මටත් දැං නං බාගෙටපිස්සු වගේ. ගායකයො දෙන්නා නං රන් කුරහන් මල පිපුණු දා ඉඳලා මල් පැන්පොදක් ඉහලා, සිත නාඹර වයසට අඬගහමින් remix දක්වා ගිය දක්ෂයොදෙන්නෙක්නේ. දැන් තරුණයො ගොඩකට හැදිලා තියෙන උන්මාදනී තත්වය ගැනවෙන්ටැති කියන්ට හදන්නේ. ලොකු පණිවිඩයක් හැංගිලා තියෙනවා මේ රූප පෙලේ.
පිස්සං කොටුවේ මේ රූප පෙල කෙරුවෙ නං මේ වගේ ඉගෙන ගත්තොත් අන්තිමටනතර වෙන තැන කියන්ට වෙන්ට ඇති මයෙ හිතේ. අලුත් අදහස් තිබ්බට කමක්නැහැ දරුවනේ පරණ හොඳ ගති වලට ගරහන්ට එපා. උදේ පාන්දර දෙවියන් බුදුන්වැඳලා, පොත් පත් වලට වැඳලා පාසැලට ගිය හින්දා තමයි ඒ දවස්වල හොඳ ලොකුලොක්කො, මොළ කාරයෝ, රටට සෙවයක් කොරපු දේශපාලඥ්ඥයො බිහි වුනේ!අද සමාජයේ පිරිහීම ගැන කියන්ට වෙන්ටැති මේ රූප පෙළ නම් කොරලාතියෙන්නේ. පුදුම දක්ෂකමක් ඒකනම්!
දැං නං මට සක් සුදක් සේ පැහැදිලියී. සින්දු ක්ශෙත්‍රයට පරණ විශාරද ගායකගායිකාවො කොරපු සේවය අගයන්ටත් එක්ක තමයි මේ විෂුවල් එකෙන්පෙන්නන්නේ අද සමාජය පිරිහෙන්නේ මේ පිස්සු කෙල කෙලා ඉන්න කෙල්ලොකොල්ලො හින්දා කියලා. අර සුද්දාටත් තරහා ගිහිල්ලා බැන බැන එන්නේ ඒකහින්දා වෙන්ට ඇති. මේක නං ඉරිදා ඉස්කෝලේ පෙන්නන්ට කියන්ට ඔනේ. පැයක්ඉගැන්නුවට වඩා වටිනවා නොවැ ඇස් පනා පිටම පෙන්නුවාම විෂුවල් එකෙන්ලෝක සොභාව!!
මේක පාසැල් දර්ශණ වලට ඇතුලත් කොරන්ට කියලා අධ්යාපන ඇමති තුමාටලියුමක් ලියන්ට මං පෑනක් අතට ගත්තා. Z අකුරෙන් බැට කාලා ඉන්න ඇමති තුමාමේකෙන් වත් ගොඩ එන්නෙ නැතැයි! මට හරීම ආඩම්බරයි මේ කාලේ අධ්යාපනේතියෙන ලොකු ප්‍රශ්නෙකට විසඳුමක් හොයා ගත්තු එකට. හිනි පෙත්තටම නැග ජයපෙන්නා...... නව රැල්ලෙ තරු අද ජය ගන්නා..... මට ආයෙත් සතුටු/දුක් කඳුලු මැද්දෙන් මගේ ගුරුතුමාගේ නිහතමානී ඇස් දෙක මැවිලා පෙනුනා.....


Posted Time: 20/02/15 06:17:15 AM
News Views:7844