දේදුන්න වාගේ....සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 1 !!!
Sangeethaya.lk
දේදුන්න වාගේ....සරිග මාස්ටර් ගේ විෂුවල් විකාර 1 !!!


පොඩි එකාගෙ හසිරීම හොඳ නැහැ කියලා පන්තියේ ටීචර් අවිල්ලා හම්බ වෙන්න කියලා!! හතරේ පන්තියේ ඉන්න එකාගෙ කොහොමද හසිරීම නරක් වෙන්නෙ? හයක් හතරක් නොතෙරෙන පොඩි එකානෙ. පන්තියට ගිහිල්ලා මම කොට තාප්පෙන් එබිලා බැලුවා. ගුරුතුමී සුරන්ගනාවියක් වගේ. කහ පාට මල් මල් සාරියක් ඇන්දලා තොල් රතු කරලා, නියපොතු රතු කරලා, කහ පාට සෙරෙප්පු දාලා, ඉනේ හවඩියක් දාලා, අම්මේ ලස්සන!! අපේ එකා මේ වගේ ටීචර් කෙනෙක්ගෙන් ගුටි කෑවත් කමක් නෑ කියලා මට හිතුනා. මාව දැකලා ටීචර් දොර ලඟට ආවා. ටීචර්ගේ මූන හඳ පායලා වාගේ. ඇහිබැම දෙදුන්න වාගේ...මගේ කොලුවා අසභ්ය විදිහේ නැටුමක් නටනවා සරීර කූඩුවේ යට හරියට අත තියාගෙන!! ටිකක් හොයලා බලන්න කියලා ටීචර් කිවුවා. මම ලජ්ජාවෙන් ආපහු ගෙදර ආවා. අනේ හතර වසර කොලුවා!! මූට මොනවා උනාද? 
ගෙදරට ගොඩ උනා විතරයි ලස්සන සින්දුවක් අහෙනවා!! දේදුන්න වාගේ.... පායන්න ආයේ.....මට පොඩි එකාගෙ ගුරුතුමී ව මතක් උනා.... හඳ වාගේ කෙල්ලෙක් වෙන්න ඇති සින්දුව කියන්නෙ..... දේදුන්න වාගේ ඇහි බැමකුත් එක්ක!! මට කටහඩින් කියන්න පුලුවන්! මට මෙලෝ සිහියක් නැතුව දුවගන ගියා රූපවාහිනිය ලඟට. ලස්සන කෙල්ලෙක් තොප්පියක් දාගෙන සින්දුව කියනවා ඈත තියාම මම දැක්කා. මූන සුදූ පාට පුයර ගාලා ලස්සනේ බෑ. ඇයි මේ කෙල්ල බඳ නලව නලවා තව කෙල්ලෙක් පස්සෙන් යන්නේ?? මගෙ ඇඟ සීතල උනා.
හප්පොච්චියේ මෙ අර මයිකල් කොලුවගෙ මල්ලි නේ!! මූව නම් හොන්දයි රේසර් ඇඩ් එකකට. මෙච්චර සිනිදුවට රැවුල බාන්නෙ කොහොමද කොල්ලෙක්? කහ පාට සපත්තු දාලා, පුයර දාලා, කහ පාට පටියක් ඉනට දාලා, අහිබැමත් දේදුන්නක් වාගේ!! මට ඇයි මන්දා...... පොඩි එකාගෙ ටීචර් ම මතක් වෙනවා.... ලස්සන බීට්් එකකට හැල්මේ නටනවා පියරු මල්ලී!! අර මැරිච්ච මයිකල් කොලුවාත් මේකාගෙන්ලු නොවැ නටන්ට ඉගෙන ගෙන තියෙන්නේ!
මූ නම් හැබෑ දක්ෂයෙක්. කෙල්ල නම් නටනවා ලස්සනට. හැබෑ දඟකාර හැඩකාර පෙනුමක් ඒකිට තියෙන්නේ. කම්මුල් මල්පෙති වලටත් වඩා සිනිදුයි වගේ. පිනිජම්බු වගේ කම්මුල් තියෙන මේ කෙල්ල කැමති වෙන්නේ හොන්ද සද්දත්ත කොල්ලෙක්ට. පියරැ මල්ලිට හුලං එතකොට. පවූ...
පිරිමිද ගෑනුද කියලා මාරැ ඇරගන්න බැරි, කොන්ඩා වවාගත්තු යාලුවො ටිකක් එක්ක පාරේ උඩ පැන පැන නටනවා කට්ටිය. පුයර තට්ටු තට්ටු ගාලා දාඩිය බින්දුවක්වත් දාන්නෙ නෑනෙව බොලල්ලා! අපේ නෝනාටත් පුයර ටින් එකක්වත් දෙන්න ඕනේ උපන්දිනේට! අත් එහේ මෙහේ විදුලි සැර වගේ විසිකර කර හැල්මේ නටනවා කට්ටිය. ඒ අස්සේ සරුවත් කඩේක සරුවත් බීපු පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකකුත් අර වගේම පිස්සුවෙන් වගේ නටනවා.
අපේ පොඩි එකාත් දුවගෙන ආවා සෙල්ලම් කර කර ඉන්දලා. හත් ඉලවුවේ!! මේකට්ත් අර වගේම නටන්න පුලුවන් නේ බොල!! අපේ කොලුවටත් සින්දු කියන පියරු මල්ලිට වගේ ප්‍රසිද්ධ වෙන්න පුලුවන් නේද කියලා හිතලා මගේ ඇස් දෙකට කන්දුලු ආවා. "තාත්තේ, මම මයිකල් අය්යාගේ නැටුමුත් දන්නවා" කියලා පොඩි එකා අතක් අහවල් තැනට තියලා ඉඟ ගස්සා ගස්සා නැටුමක් නටනවා!! දෙකට කපාපු පනුවෙක් වගේ නටන මෙ අසික්කිත නටුම දැකලා මට මල පැන්නා. ඌව ගහලා පන්න ගත්තා මං්. ටීචර් බැන්නේ ඇයි කියලා මට දැන් තේරෙනවා!! අපේ කොලුවා බැනුම් අහන්නේ පියරු මල්ලිගෙයි මයිකල් අය්යාගෙයි වැරදි වලට. ටීචර් උනත් හොයලා බලලා ගහන්න බනින්න ඔනෙ ළමයින්ට!! ජාත්යන්තර ලෙස කීර්තියට පත් නැටුමක් නෙ අපෙ එකා ඉදිරිපත් කොරලා තියෙන්නේ හැබෑට. බනින්න ඔනෑ ටීචර් ට හෙටම ගිහිල්ලා. කොහොමද දෙවියනේ මූන බලාගෙන බනින්නෙ.......... ඇහි බැම දේදුන්න වාගේ.............


Posted Time: 10/02/15 03:06:46 PM
News Views:2040